Colombo Today Local News

ආන්දන්කුලම් ප්‍රදේශයේ බැලූන්වලටත් ඇන්ටිජන්

ත්‍රිකුණාමලය – මහනුවර ප්‍රධාන මාර්ගයේ ආන්දන්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දමා ගොස් තිබූ කළු පැහැති බැලූන කිහිපයක් ප්‍රදේශයේ කුඩා දරුවන් විසින් සොයාගෙන ඒවායින් ක්‍රීඩාකර ඇත.

පසුව එම ප්‍රදේශය පුරා කටකතාවක් පැතිරගොස් තිබුණේ යම්කිසි කණ්ඩායමක් විසින් මෙම බැලූනවලට කොවිඩ් වෛරසය අන්තර්ගතකොට එහි දමාගොස් ඇති බවය.

මේ පිළිබඳ දැනුවත් වූ උප්පුවේලී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එහි බැලූන කිහිපයක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණට ලක්කර තිබේ.

එහිදී අනාවරණය වූයේ බැලූන්වල කොවිඩ් වෛරසය අන්තර්ගත නොවන බවය.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස උප්පුවෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

Admin

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

colombotoday

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

“එක රටක්-එක නීතියක්” සාක්ෂාත් කරගැනීමට, ඇමතිවරුන් වන ජී.එල් පීරිස්, සරත් වීරසේකර සහ අලි සබ්‍රි ගේ සහාය.

colombotoday