Colombo Today Local Newsextremism & terrorism activities

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

භූමදානය ගැන කුර්ආනයේ සඳහන් කර නොමැත යැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයට විරුද්ධව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය දැඩි ස්වරයකින් ලිපියක් යවා තිබෙනවා.

මෙරට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාව විසින් වහාබි-සලෆි මතධාරියෙකු ලෙස හඳුන්වන සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ (වැඩබලන) මහ ලේකම් එම්.එස්.එම් තාසීම් විසින් එම ලිපිය අමාත්‍යවරයාට යොමු කර ඇත.

අදාළ ලිපියේ අවසානයට “විශේෂයෙන් ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන යමක් කියන්නට පෙර ඔබතුමන් මෙයට වඩා ප්‍රවේශම් වන්නට තිබුනි. දැන් ඔබතුමන්ට කරන්නට ඇති එකම දෙය නම් කණගාටුදායක එම ප්‍රකාශ ගෞරවාන්විතව ඉල්ලා අස් කර ගැනීමයි.” යනුවෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් ද අන්තර් ගත කර ඇත.

Related posts

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday