Colombo Today Local News

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

යුද්ධයෙන් මියගිය කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම වෙනුවෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉවත්කර දැමීමට විරෝධය දක්වමින් හෙට(11)දින උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි පුර්ණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු එම පළාත් දෙමළ දේශපාලන පක්ෂ සාමුහික තීරණයක් ගෙන තිබේ.

එම දේශපාලන පක්ෂ විසින් කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදි මෙම තීරණය දැනුම් දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජීතයෝ හෙට පැවැත්වීමට නියමිත හර්තාලයට උතුරු නැගෙනහිර පළාත් සියලු ජනතාවගේ, ව්‍යාපාරිකයින්ගේ, වෙළඳසැල් හිමියන්ගේ සහයෝගය ඉල්ලා සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන් ශ්‍රීකාන්තා, තමිල් මක්කල් තේසීය කුට්ටනි වෙනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සීවාජීලිංගම්, ඊල තිමිලර් ස්වායිච්චි කළහම් පක්ෂයේ නායිකා අනන්දි සසිදරන් යන මහත්ම මහත්මිහු ඇතුළු තවත් දෙමළ දේශපාලන පක්ෂ රැසක නියෝජීතයින් හා සිවිල් සංවිධාන වල නියෝජීතයින්, විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ.

මේ අතර මෙම හර්තාලයට සහයෝගය ලබාදීමට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් යතුරුපැදි පෙළපාලියකින් එම විශ්ව විද්‍යාලයේ සිට යාපනයට පැමිණිමට තිරණය කර ඇති බවද වාර්තාවේ.

Related posts

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday

ඉදිරි පැය 36 තුලදී බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්

colombotoday

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday