Colombo Today Local News

දින17ක් තුළ බන්ධනාගාර සිරකරුවන් 7479ක් මුදා හැරේ

පසුගිය දින 17 තුළ පමණක් බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් 7479 දෙනෙකු මුදා හැර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් 6915ක් සැකකරුවන් බවයි.

සෙසු පිරිස සිර දඬුවම් ලබමින් සිටි අය බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

නිදහස හා ඇප ලබා දුන් පිරිස අතර කාන්තාවන් 168 දෙනෙකු ද වේ.

බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මෙම මුදහැරීම සිදුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මේ අතර තවත් බන්ධනාගාර රැඳවියන් 74 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3372 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වූ රැඳවියන් 1772ක් සහ නිලධාරීන් 73 දෙනෙකු සුවය ලබා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

වෙට්ටු දැමූ හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් එස්.ටී.එෆ්. දැලේ

Admin

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday

“අදින් ඇරඹෙන්නේ ඒකීය ලංකාවේ අවසාන වසර විය හැකියි“ ආචාර්ය දයාන් ජයතිලක

colombotoday