World

දින දෙකක් තිස්සේ වාහන දහසකට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයක සිරවෙයි

ජපානයට ඇති වී තිබෙන තද හිම කුණාටුවක් හේතුවෙන් දින දෙකක් තිස්සේ අධිවේගී මාර්ගයක වාහන දහසකට වැඩි ප්‍රමාණයක් සිරවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස අතරමංව තිබෙන වාහන දහසකට වැඩි ප්‍රමාණයක් මුදා ගැනීමට තවමත් උත්සාහයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ටෝකියෝ අගනුවර උතුරේ නීගාටා හා සම්බන්ධ කරන කනෙට්සු අධිවේගී මාර්ගයේ රියදුරන්ට ආහාර, ඉන්ධන සහ බ්ලැන්කට් බෙදා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු හා බටහිර නිවාස 10,000 කට වැඩි ප්‍රමාණයකට විදුලියද ඇණ හිට තිබෙනවා.

මාර්ග තදබදය කිලෝමීටර් 16.5 ක් (සැතපුම් 10 ක්) දක්වා දිවෙන බවත් “රියදුරන් සහ මගීන් බේරා ගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. රාත්‍රිය පුරා මෙහෙයුම දිගටම කරගෙන යාමට අපි සූදානම්” යැයි යනුවෙන් නීගාටා ආපදා කළමනාකරණ නිලධාරියෙක් ඒඑෆ්පී වෙත පවසා තිබෙනවා.

කාලගුණ විද්‍යා ඒජන්සිය අධික හිම මේ වසරේ වඩාත්ම තද සීතලට තිබෙනු යැයි පවසන අතර ,සති අන්තය පුරා එය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එරට අගමැති යොෂිහයිඩ් සුගා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවේසම් වන ලෙසයි.

හිම කුණාටුව ඇති වන්නේ ජපානය තුන්වන කොරෝනා වෛරස් රෝගීන් සමඟ පොරබදමින් සිටින අතර එමඟින් රටේ රෝහල්වලට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල වී තිබෙන බවද වාර්තා වනවා.

Related posts

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

Admin

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් 9ක් මරුට

Admin