World

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිග්‍රා ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී මිතුරන් පිරිසක් විසින් මනාලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඒ අදාළ මංගල උත්සවයට පැමිණි පිරිසට ලබාදුන් මත්පැන් ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට මිතුරන්ට නොහැකිවීම හේතුවෙන්.

ඔවුන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සඳුදා රාත්‍රී මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්. ඔහු සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් සාදයක් සිය උපන් ගමේදී සංවිධාන කර තිබුණා. එහිදී ලබාදුන් මත්පැන් මදිවී මිතුරන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී එය සපයාදීමට හැකියාවක් නොමැති බව මනමාලයා ප්‍රකාශකර ඇතැයි සඳහන්.

අනතුරුව සිදුවූ බහින්බස් වීමකින් මිතුරන් මනමාලයාට පිහියකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් 4 දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශණ සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Related posts

කොවිඩ් එන්නත ලබා ගත් පසු ඔබෙත් ඔසප් චක්‍රයේ වෙනසක් උනාද? නව අධ්‍යයන කිහිපයකින් තහවුරු වූ දේ මෙන්න

colombotoday

දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ සංක්‍යාව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වෙයි.

colombotoday

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

බලයෙන් පහකළ අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

colombotoday