World

කොවිඩ් එන්නත ලබා ගත් පසු ඔබෙත් ඔසප් චක්‍රයේ වෙනසක් උනාද? නව අධ්‍යයන කිහිපයකින් තහවුරු වූ දේ මෙන්න

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඔසප් චක්‍රයේ සුළු වෙනස්කමක් ඇති විය හැකි බවත්, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයන කිහිපයකින් තහවුරු වී තිබේ.

ඒ පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රජනන ප්‍රතිශක්තිවේද විශේෂඥයෙකු වන වෛද්‍ය වික්ටෝරියා මේල් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔසප් චක්‍රය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සහ නොර්වේ යන රටවල සිදු කරන ලද අධ්‍යයනවලදී එය යළිත් තහවුරු වූ බව ඇය පවසයි.

කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් සරුභාවයට බලපෑම් ඇති වන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එන්නත දරුවන් ලැබීමේ හැකියාව සඳහා බලපෑම් ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙන බවත් ඇය සඳහන් කරයි.

කාන්තාවන් 10,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත් නව අධ්‍යයන දෙකකින් මෙම සොයා ගැනීම සිදු කර ගෙන ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත භීතිකාව: පල්ලිවලට යෑමේදී ප්‍රවේශම්වන්න.. බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අගවයි

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

Admin

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday