Colombo Today Local News

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ වනවිට භාවිතය කර ඇති එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (8)දින පැවසීය.

මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස ලබාගැනීමට මෙසේ ඉල්ලීම් කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මේ වනවිට සාර්ථක බවක් පෙන්නුම් කොට ඇති එම එන්නත නිෂ්පාදන ධාරිතාවය අනුව ලංකාවට ද ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද රමේෂ් පතිරණ මහතා කීවේය.

ඒ අනුව, ඉදිරි මාස තුනත් හ‍යත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ලොව අනෙකුත් රටවලට ද මෙම වෛරසයෙන් මිදීමට හැකි වනු අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම, දේශීයව නිෂ්පාදිත ඖෂධ වෛරසයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය මැඩලීමේ කෙටි කාලින ක්‍රියාමාර්ගයක් ලෙස ජනතාවට ලබා දීමට බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාවය ද ලැබී ඇති බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

එහි සාර්ථකභාවය පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කීවේය.

Related posts

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

හදිසි නීතිය ඉවතට!

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday