Colombo Today Local News

පාතාලය සහ කුඩු රටෙන් තුරන් කරනවා

“ජනාධිපතිතුමා මට මේ වගකීම භාර දුන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඒ වගකීම මම භාර ගන්නවා. ඒ වගකීම ඉතාම හොඳින් ඉටු කරනවා. පොලිසිය මහජන හිතවාදීව, මහජනයා තුළ විශ්වාසයක් නැගෙන ස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම මගේ විෂය පථයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පාතාලය නවත්වන එක සහ කුඩු නවත්වන එක. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා. පාතාලයට සම්බන්ධවෙලා ඉන්න අය ඉන්නවා නම් ඒ අයට අපි ආරාධනා කරනවා යහපත් සමාජයට ඇවිල්ලා තමාගේ එදිනෙදා කටයුතු කරන්න කියලා. ජනතාවට බියකින් සැකෙන් තොරව ජීවත්වීමට පුළුවන් සමාජයක් හදන්න නම් පාතාලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. කුඩු ඉවත් කළ යුතුයි. ඒ වගේම අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඉඩදෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නෑ,” යනුවෙන් නව කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය

Related posts

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

Admin

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday