Colombo Today Local NewsHot News

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

6-1
ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදෙන බවට සඳහන් බ්‍රිතාන්‍ය රජයේ නිවේදනය.

ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌ ලබාදීමටද බ්‍රිතාන්‍ය එකඟ වී තිබේ.

ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් සංවිධානය හා සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීමට නොහැකි බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාවට පුහුණුවක්‌දීමට ඉදිරිපත්වීම විහිලුවක්‌ නොවේද?

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කරද්දී බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට යුද අවි හෝ පතරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට එවකට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති වූ ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ කොටි නායකත්වය බේරා ගැනීමට ඉදිරිපත් විය. වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය ඊළාම් ඩයස්‌ පෝරාවේ ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රි ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළේය.

එකී චෝදනාවට සම්බන්ධව ජීනීවා යෝජනාව මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌ කළ යුතු යෑයි නිර්දේශයක්‌ ඉදිරිපත් විය.

මේ නිර්දේශය මත බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ස්‌ටර්ලින් මිලියන පවුම් 6.6 ක මුදලක්‌ වසර තුනක්‌ තුළ ලබාදීමට තීරණය කළ බව අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇත.

එසේම බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා හමුදා නිලධාරියකු පත් කරන අතර යුද හමුදා ප්‍රතිසංවිධානය යටතේ ශ්‍රි ලංකා හමුදා නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍යයේ හමුදා පුහුණු පාඨමාලාවලට පැමිණීමට ඉඩ දෙන බවයි.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යනු භට සංඛ්‍යාව අඩු කිරීමද යන්නයි.

එසේම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ඉවත් කර නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටින හමුදා නිලධාරියා ශ්‍රි ලංකාවේ කටයුතු සඳහා පත් කරන්නේ කුමකටද?

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර එකී චෝදනා විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි ප්‍රකාශ කළේද බ්‍රිතාන්‍යයයි.

මෙම පසුබිම මැද ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු යෑයි බ්‍රිතාන්‍යය පැවසීම දැඩි සැකයට කරුණක්‌ නොවන්නේද?

මේ අන්දමට ලොව එක එක රටවල්වලට අවශ්‍ය ලෙස හමුදා ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාදාමයක්‌ සිදු වී තිබේද?

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට පූර්ව තීන්දු ගැනීමට හෝ ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌කළ යුතු යෑයි නිර්දේශ කිරීමට බ්‍රිතාන්‍ය රජයට කිසිදු හිමිකමක්‌ නැත.

බ්‍රිතාන්‍ය හමුදාව නීති විරෝධී ලෙස ඉරාක ආක්‍රමණයට යෑවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ චිල්කොට්‌ කොමිසම සිය විමර්ශනය වාර්තාව තවදුරටත් ප්‍රකාශයට පත් කර නැත.

එම වාර්තාවෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් හිටපු ආරක්‍ෂක ලේකම් හා බුද්ධි අංශ ප්‍රධානියාට චෝදනා එල්ල වී ඇත.

මෙවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌කිරීම සඳහා අරමුදල් සපයන්නේ කුමන හේතුවක්‌ නිසාද?

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන බ්‍රිතාන්‍ය රජය යුද අපරාධ කාරියක්‌ වූ ඇඩෙලා බාලසිංහම්ට හා කොටින්ට අවි ලබාගැනීම සඳහා අරමුදල් සැපයූ කේ. පී. රෙජි. නැමැත්තාට දේශපාලන රැකවරණ ලබා දී ඇත.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකා හමුදාව විදේශීය රටවල පදයට නටන රැගුම් කණ්‌ඩායමක්‌ විය යුතුද? ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන කිසිදු එකඟතාවයකට පැමිණෙන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැරිසියේදී සෘජුව පවසා තිබිණි.

එසේ නම් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධායට ලක්‌විය යුතුද යන ප්‍රශ්නය පැන නැගී ඇත.

ලොව බිහිසුණු ත්‍රස්‌ත සංවිධානයක්‌ පරාජය කළ එකම හමුදාව ලෙස ශ්‍රී ලංකා හමුදාව ඉතිහාස ගතවී ඇති අවස්‌ථාවක ඩේවිඩ් කැමරන්ලාගේ උපදෙස්‌ මත ශ්‍රී ලංකාව ක්‍රියා නොකළ යුතුය.

2003 වසරේදී ජර්මානු බර්ග්ගොප් සංවිධානයද එවකට පැවැති රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාව නිරායුධකරණයට ලක්‌ කළ යුතු බව කියා සිටියේය.

මෙවන් වාතාවරණයක්‌ මැද ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන දේශ සීමා රහිත ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානයද විදේශ විනිසුරුවන් හයක්‌ පත් කරමින් ශ්‍රී ලංකා රජය හමුදාව ප්‍රතිසංවිධානය කරන්නේද යන්න විමර්ශනය කරන ලෙස උපදෙස්‌ දී ඇත.

මෙවන් තොරතුරුවලින් හෙළි වන්නේ විදේශීකයන් මෙරට ජාතික ආරක්‍ෂාවට බරපතල ලෙස මැදිහත් වීමයි.

කීර්ති වර්ණකුලසූරිය

 

Related posts

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

“සර් අද උදේ ගහනව. මොකද කරන්නේ”.. “අපි බලාගන්නම්. තමුසේ සද්ධනැතිව ඉන්නවා” අරගලකරුවන්ට පහර දීමේ අනුබලය දේශබන්දුගේ ලු

colombotoday

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday