Colombo Today Local News

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ එම දැවැන්ත වන සංහාරය වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය ඇතිව සිදුවන බවය.

එම වන සංරක්ෂණ ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද, මේ පිළිබඳ තවමත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මෝර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් දැවවලට ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

එම වන විනාශය පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුනොවීම හේතුවෙන් වටිනා රක්ෂිතයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුකර විශේෂ විමර්ශයක් සිදුකර එම වටිනා රක්ෂිතය රැක දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.

Related posts

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයි

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday