Colombo Today Local News

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

2025 වසර අවසන්වීමට පෙර සියලූ නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබේ. ඒ ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප‍්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ඉදිරි වසර 04 තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කිලෝ මීටර් 40,000ක් අලූතින් එළීමට සිදු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ දක්වා ජල සම්පාදනයට වැය වූ පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙයි.

එම සාකච්ඡාවට එක්වූ නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලූතින් ජල නළ එළීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි. ප‍්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබේ.

ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කිරීමටයි එහිදී එකඟතාව පළ කර ඇත්තේ. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් සියයට 30 ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය වී තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීන් සහ ප‍්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියා.

Related posts

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

Admin

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday