Colombo Today Local News

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායම් විසින් ගුවනින් හා ගොඩබිමින් මෙහෙයුම් ආරම්භ කොට නීතිවිරෝධී කංසා වගාවන් විනාශ කිරිමේ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ගෙන් ලද ගුවන් නිරීක්ෂණ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම් නිලධාරින් විසින් ගුවන් හමුදා නිලධාරින් සමග එකාබද්ධව මෙම මෙහෙයුම දියත් කරනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායම් 08ක් ගුවන් යානා 03ක් භාවිතා කර ගනිමින් ගුවනින් හා ගොඩබිමින් සිදුකළ මෙහෙයුමේදී අක්කර 04ක් පමණ භුමි ප්‍රදේශයක් තුළ ගංජා වගා කර ඇති ස්ථාන 08ක අඩි 04ක් පමණ උසට වැඩුණු ගංජා ගස් 159,630ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Related posts

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

මාලිමාව කියා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්

Admin

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin