Colombo Today Local News

දූෂිත නිලධාරියාටත් එරෙහිව නීතිමය පියවර ගත යුතුයි -ආරක්ෂක ලේකම්

රාජ්‍ය ආයතනවල සිටන දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

රාජ්‍ය ආයතනවල සිටින දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ‍එම ආයතන වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන යහපත් පිරිසට ද අසාධාරණයක් සිදුවන බව ඒ මහතා පැවසීය.

අද (19)දින ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“බොහෝ රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීන් රාශියක් ඉන්නවා..ඒ අතර දූෂිත නිලධාරීන් කිහිපදෙනෙකුත් ඉන්නවා..ඒ දූෂිත නිලධාරින් හොඳ නිලධාරීන් මහන්සියෙන්, කාලය වැයකරලා කරන හොඳ ක්‍රියාවල් සියල්ලගේම මඩ නෑවෙන විදියට වැඩ කරනවා..”

“මේ සංවිධානාත්මක අපරාධ රැල්ල, මේ කුඩු රැල්ල, කප්පම් ගැනිලි ඒවා මඩින ගමන් ඇතුළත් සුද්ධ කරගන්න ඕනේ..අපේම ඇතුළේ ඉදගෙන මේ වගේ දේවල් කරනවානම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා..අවසාන දූෂිත නිලධාරියාටත් එරෙහිව නීතිමය පියවර ගත්ත දවසට තමයි කියන්න පුළුවන් මේක අවසානයි කියලා..”

Related posts

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

කේරළ ගංජා තොගයක් සමග හිටපු මන්ත්‍රී අත්අඩංගුවට !

colombotoday

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday