Colombo Today Local News

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම අද (30)දින සිසිර ද ආබෲ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට නියම කළේය.

Related posts

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday