Colombo Today Local News

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29)දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වන දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි..

පසුගිය 24 වනදා මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනි.

ඔහුව පසුගිය 25 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 05 වනදා සිදු කිරීමට ඊයේ (28)දින අභියාචනාධිකරණය තීන්දු කළේය.

එදින තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැත.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

අගමැති අද ඉවත් නොවන්නේනම් ප්‍රසන්න, රමේෂ්, අලි සබ්‍රි, ගොඩහේවා ඉල්ලා අස්වෙන්න සුදානමින්

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday