Colombo Today Local News

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදි විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 376 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17)දින උදෑසන 6 සිට ගතවු පැය 24 ක කාලය තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

එහිදි හෙරෝයින් ළඟතබා ගෙන සිටි සැකකරුවන් 171දෙනෙකු, ගංජා ළඟ තබා ගෙන සිටි 78 දෙනෙකු, නීති විරෝධී මත්පැන් හා අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 127දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2164 දෙනෙකුට පොලිසිය විසින් අවවාද කර තිබේ.

දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1765 දෙනෙකුට අවවාද කර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

Related posts

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

කුරුඳුවත්ත ග්‍රෙගරි පාරට ගසක් කඩා වැටෙයි

Admin

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin