Colombo Today Local News

පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ සදහා “කහ” වර්ණය අනිවාර්ය කෙරේ

මෙරට පාසල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරියේ දී පාසල් සිසු දරුවන් ප්‍රවාහනය සඳහා ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමට තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ (07)දින ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සංගම් හා පොලිස් නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට පොලිස් නිලධාරින් මෙන්ම සිසුන් ප්‍රවාහනය කෙරෙන සංගම්වල නියෝජිතයින් ද එකඟත්වය පළ කර ඇත.

මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය හේතුවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිත කිරීමෙන් එකී වෑන් රථ පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ බව සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකි බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය පවසයි.

Related posts

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

colombotoday

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin

එජාප මහලේකම් පුටුව තලතාට

Admin