Colombo Today Local News

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කරයි.

මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ අද (04)දි දහවල් එම කටයුතු අවසන් කළ බවය.

මෙවර මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.

ඒ අනුව එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමෙන් අනතුරුව රජයේ මුද්‍රණාලය තුළදීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා හෝ ඔහු විසින් පත්කරන නියෝජිතයාට භාරදීම සිදුකෙරෙනු ඇති.

මහ මැතිවරණයට අදාල ගෘහ ලේඛන ද මුද්‍රණ කටයුතු අවසන් කර මැතිවරණ කොමිශන් සභාව වෙත භාර දී තිබේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි සතියේ දී තැපෑලට භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැරීම් කටයුතු සිදුකරනු ඇති.

Related posts

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

colombotoday

රිෂාඩ් බදුර්දීන් හොරෙන්ම CID ලොක්කො හමුවෙන්න ගිහින්

colombotoday

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

මිල සූත්‍රය පටන් ගත් දවසේ ඉදන් තෙල් මිල යන්නේ උඩමයි.. ජනපති තීරණයක් ගන්න යයි..

colombotoday