World

ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට පවසයි

“ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇත, ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍යයි”යැයි ඊයේ (31) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.

මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම හමුව පැවති අවස්ථාවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුහුණ බැරෑරුම් සහ දුක්මුසු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි.

මුහුණු ආවරණ වල හිඟය ගැන ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ඒ සඳහා විකල්පයක් ලෙස ස්කාෆ් භාවිතා කළ හැකි බවයි. 

එම සාකච්ඡාවේදී වෙනදා මෙන්, ප්‍රාතිහාර්යය, සුවකිරීම්, පාස්කු දිනය, කාලීන ව්‍යාපාර හෝ නැවත විවෘත කිරීම් වැනි සුභවාදී කිසිවක් සඳහන් නොවූ බවද සීතල එහෙත් දරුණු යථාර්ථය පමණක් පෙන්නුම් කළ බවද සඳහන් වේ.
වයිරසය සම්බන්දව දැනට පනවා ඇති නීති රීති අප්‍රේල් අවසානය දක්වා දික් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමරිකාවේ මරණ 100 000ත් 200 000ත් අතර ප්‍රමාණයක් සිදුවනු ඇතැයි එරට විශේෂඥයන් අනුමාන කර තිබේ.

මෙම ගනනය කිරීම් වලට අනුව අප්‍රේල් මැද වනවිට දිනකට මරණ 2 000ක් පමණ සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

ජර්මනියේ වෑන් ප්‍රහාරයක්.. වෑන් රථයක් පදිකයන් මතට කඩා වදී.. පුද්ගල මරණ සහ තුවාල සිදුවීම්

colombotoday

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

colombotoday

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

විනාශවුණු රුසියානු ගුවන් යානයේ දර්ශන

colombotoday