Colombo Today Local NewsUncategorized

ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවා

මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස්‌ බුක්‌ රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිsරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Nimal_Siripala_de_Silvaයහපාලන බෝඩ් ලෑල්ල ඉස්‌සරහට දාගෙන දියවන්නාව එතෙර වන්න කටයුතු කළ ඇතැම් ඇමැතිවරු අද කිසි වැඩක්‌ නොකර රජයෙන් දෙන දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඔහේ නිකමුන් වගේ බලා ඉන්නවා. ඒත් මහජනයා බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ ඇමැතිකම් ලබාගෙන නිකම්ම නිකන් තමන්ගේ දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඉන්න නොවෙයි. දූෂණය ගැන භීෂණය ගැන යහපාලනය ගැන කතා කරපු අය අද කෝ? ඒ කතා කරපු අය අද පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපිත් අද බලාගෙන ඉන්නේ මේ යහපාලනයෙන් මොකක්‌ද වෙන්නේ කියලා.

මේක අපේ ආණ්‌ඩුවක්‌ නොවෙයි. අපි ජාතික ආණ්‌ඩුවකට ගියා කියලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දියවෙන්නෙ දෙන්න බැහැ. අපි ජාතික ආණ්‌ඩුවට ගියා කියල පක්‍ෂය අලියට ඡන්දය දෙන්න කියන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව ඒකයි. අද ජවිපෙ කෑලි කෑලිවලට කැඩිලා. සීනුව තිබුණ තැනක්‌වත් නැහැ. මෛත්‍රීපාල මහත්තය අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඉතුරු ටිකත් අහෝසි කරනව නම් හොඳයි. ඊළඟට මහ මැතිවරණයට අපි දැන්මම සූදානම් වෙමු.

අද ලෝක ත්‍රස්‌තවාදය ගැන අපට උපදෙස්‌ දුන් අපේ ගුරුවරු වන ප්‍රංශය, ඇමරිකාව මේ වන විට ත්‍රස්‌තවාදයට ගොදුරු වෙලා. ඊයේ දිනයේදී ප්‍රංශයේදී 153 ක්‌ බෝම්බ පිපිරීම්වලින් ඝාතනයට ලක්‌වුණා. ඔවුන් අපට කීවේ අපි සුළු ජාතීන්ට සලකන්නේ නැහැ. අපි සංහිඳියාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. ඒත් අපි අහනවා ප්‍රංශයෙන් අද ප්‍රංශයෙත් සංහිඳියාවක්‌ නැද්ද? ඒකද මේ බෝම්බ පුපුරන්නේ කියලා. ඔවුන් එදා ත්‍රස්‌තවාදීන්ට උදව් කළේ ඔවුන්ට අසාධාරණකම් වෙනවා මහජාතියෙන් කියලා. ඒක අද ඔවුන්ටම තේරෙනවා ඇති. ත්‍රස්‌තවාදයේ භයානකකම නිසා අද ඔවුන්ට සංහිඳියාව මතක්‌වෙලා. අද ත්‍රස්‌තවාදය කියන්නේ මේ ලෝකයම වෙලා ගත්ත වසංගතයක්‌.

යැයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල කරද‍ගොල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.

Related posts

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය

Admin

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ- බන්දුල

colombotoday

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday