Colombo Today Local News

කොළඹ රාජ්‍ය ආයතන 137ක ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ඉවත් කිරීමට පියවර

කොළඹ නගරයේ රාජ්‍ය ආයතන 137 ක ආරක්ෂාව සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් එම කටයුතු වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා ප්‍රකාශ කළේ, ලබන මස අග සිට එම නිලධාරීන් අදාළ අයතනවල ආරක්ෂක කටයුතුවලට යෙදීමෙන් ඉවත් කරන බවයි.

ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි එම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.

එම සිවිල් ආරක්ෂක සමාජිකයින් ඔවුන් පදිංචි ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු, පන්සල්, පාසැල්වල ඉදිකිරීම් කටයුතු සඳහා යොදවනු ඇති.

මීට අමතරව වන අලි ගැටළු ඇති ප්‍රදේශවල අලි වැට නඩත්තු කිරිම සඳහාද සිවිල් ආරක්ෂක බලකා සමාජිකයින් යෙදවීමට නියමිත බව රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේ ය.

Related posts

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday

ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පළිගන්න හදපු ඉතා පහත් දූෂිත ආයතනයක්

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

14 හැවිරිදි දැරියක් පැහැර ගත් පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු STF අත්අඩංගුවට

colombotoday