World

වාසනාව ලැබෙතැයි සිතා ගුවන් යානයේ එන්ජිමට කාසියක් විසි කරලා

නැගෙනහිර චීනයේ ටියෑන් ෂුෂාන් ගුවන් තොටුපලේ දී ගුවන් යානයක එංජිමක් තුළට කාසියක් විසිකිරීමේ චෝදනාවකට ලක් වු තරුණයෙකුට අමෙරිකානු ඩොලර් 17,200ක දඩයක් නියම වී ඇත.

චීන ජාතික 28 හැවිරිදි අදාළ තරුණයෙකු හට එරට අධිකරණයක්විසින් මෙම දඩ මුදල නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය පළමු ගුවන් ගමන සිදුකිරීමෙන් අනතුරුව ගුවන් යානයේ එංජිම තුළට කාසියක් විසි කිරීමෙන් වාසනාව උදාවන බවට වන මිත්‍යාවක් හේතුවෙන් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ලකී එයාර් නැමැති ගුවන් සමාගමට අයත් අදාළ ගුවන් යානයේ නියමිත ගුවන් ගමන අවලංගු කිරීමට සිදුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin

‘කටාරය සමග සබඳතා අතහරින්න.. අරාබි රටවලට බලපෑම් කරේ මමයි‘ – ට්‍රම්ප්

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday