Colombo Today Local News

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව  පැවැසූහ.

“අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා.

අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ ඇවිඳමින් ඉන්දියන් සාඟරයේ හඩා වැටෙන කඳුළු බිංදුව බවට පත්ව තිබූ මේ රට නැවතවරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කර ගැනීමට සිංහලයන් සංවිධානය විය යුතුයි කියන මතවාදය නිර්වින්දනයවී ඇති සිංහලයාට දැඩිව ආමන්ත්‍රණය කරමින් අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා.

දැන් සිංහලයන්ට නායකයෙක් ඉන්නවා. රටට නායකයෙක් ඉන්නවා. දැන් අපිට නටන්න උද්ඝෝෂණ කරන්න වෙන එකක් නෑ. අපිට තිබුණ ගැටලුව වුණේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. මේ නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිවරයා කටයුතු කළොත් බිඳීගිය ජාතික ඒකාග්‍රතාවය ඇති කරන්න හේතුවක් වේවි.

සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා  මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා. දැන් හොඳ නායකත්වයත් තියෙනවා. මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ  හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ සංවිධානය විසුරුවා හරිනවා” යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

සම්පුර්ණ මාධ්‍ය හමුව

Related posts

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday

දේශය සුරැකි රන් අසිපත

colombotoday

එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් Asia Recycling සමාගම ගබඩා කරලා. ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක්

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday