Colombo Today Local News

චම්පික අත්අඩංගුවට!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන චම්පික කරුණාරත්න නැමැත්තා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ, රජයේ ආයතන 3කින් සේවකයෙක් ලෙස වැටුප් ලබා ගැනීමයි. මොහු පසුගිය රජය සමයේ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙසත් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙසත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සම්බන්ධිකරණ නිලධාරියෙක් ලෙසක් වැටුප් ලබා ගෙන ඇතැයි වාර්තාවේ.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙස මොහු වරායේ සේවයේ යොදවා ඇති අතර මාධ්‍ය විසින් ‘කප්පම් චම්පික’ ලෙස හදුන්වා ඇත්තේද මොහු බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

Related posts

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday