Colombo Today Local Newsජනාධිපතිවරණය

හාමුදුරුවරු බය ගන්වන්න මැතිවරණ කොමසාරිස්ට බෑ… අතීතයේත් රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා !

මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව ජනතාවට අවබෝධ කරවීමේ ඓතිහාසික වගකීමක් භික්ෂූන්ට තිබෙන බවත් එය නතර කිරීමට මැතිවරණ කොමසාරිස්ට කිසිසේත් නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා,

‘‘මැතිවරණ කොමසාරිස් පන්සල්වලට කැමරා කණ්ඩායමක් එවනවා කියලා තර්ජනය කරනවා. පන්සල්වල දේශපාලනය කතා කරන්න බැරිලු. පන්සල්වල රැස්වීම් පවත්වන්න පුළුවන් අයිතියක් තියෙනවා. අතීතයේ භික්ෂූන් රජුන් වෙනුවෙන් සිවුරු අත්හැරියා. රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා. මැතිවරණ කොමසාරිස්ට බෑ හිතෙන හිතෙන නීති දාලා භික්ෂූන් බියවද්දන්නබෑ. වැඩකට නැති කතා කරමින් කටයුතු කරන ඇතැම් භික්ෂූන් ඉන්නවා. ඔවුන් සම්බන්ධව තීරණ ගන්න. නමුත් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් වළකින්න කියලා මම මැතිවරණ කොමසාරිස්ට කියනවා.‘‘

Related posts

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin