Colombo Today Local News

ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවර රාජිත සමග සාකච්චාවක

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය  ප්‍රමුඛ පක්ෂ එකමුතුව විසින් පූර්ව ජනාධිපතිවරණ කටයුතු සංවිධාන කිරිම සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් සමග පැවති  විශේෂ සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි  වැඩිදුරටත්  අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද අපිට ජනාධිපතිවරණයක් පැමිණෙනවා. 08 සිට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙනවා. අපේක්ෂකයින් පිළිබද නොයෙකුත් වාද විවාද තිබුණා. නමුත් අපට අන්තිමට ඉතුරු වෙන්නේ එක අපේක්ෂකයායි. ඒ තමයි රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා. එම නිසා මොන අපේක්ෂකයා වුණත් රාජපක්ෂලාව පරාද කරන්න අවශ්‍ය අපේක්ෂකයෙක් විය යුතුයි. අපි බොහොම සමගි සම්පන්නව අවසානයේ දී එම ප්‍රශ්නය විසඳා ගත්තා. එතනදී අප අතරේ විවිධ මත තිබුණා. මගේ නමත් එතනට ආවා. නමුත් කොයි නම ද ආවේ කියන එක නොවෙයි වැදගත් වන්නේ.  අපේ කඳවුරෙන් කෙනෙකු අප ඉදිරිපත් කර තිබෙනවා රාජපක්ෂවරු පරාද කරන්න.  පළමුව රාජපක්ෂලාගේ දේශපාලනය පරාද කළ යුතුයි. ඊට පසුවයි අප අතර තිබෙන මතවාද ඉදිරියට ගෙන යන්න කටයුතු කළ යුත්තේ. ඒ අනුව ආණ්ඩුව තුළ එක්සත් ජාතික පෙරමුණ යටතේ තිබෙන පක්ෂත්, මේ අපේක්ෂකයා සමග දීර්ඝව කතා කළා. මත ඉදිරිපත් කළා.

අවසානයේ එතුමා එක වැඩපිළිවෙළකට එකඟ වුණා. ඒ අනුව තමයි අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා අපි ජනාධිපති අපේක්ෂක ලෙස ඒකමතිකව තීන්දු කළේ.

විවිධ කණ්ඩායම් මෙම ස්ථානයට කැඳවීම 2015 මැතිවරණයේ වගේම අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ සියලු දෙනා සමග අපි කතා කරනවා. දැනටත් විවිධ කණ්ඩායම් අපට කතා කරනවා. මැතිවරණ ව්‍යාපාරය සදහා. ගියවරට වඩා මෙවර මැතිවරණයේ දුෂ්කරතාවයක් තිබෙනවා ගිය සැරේ අපිට නොයෙකුත් ඒවාට  උත්තර දෙන්න තිබුණේ  නැහැ. අපේ ප්‍රතිවාදියාට තමයි තිබුණේ . මෙවර අපේ පිලේ අයටත්  අපිට උත්තර දීලා ඔළුව හදන්න වනවා මේ මැතිවරණ ව්‍යාපාරයට ගන්න. නමුත් ඒ සියල්ලටම මුහුණ දෙමින් මෙම මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රාහීව අවසන් කිරිම කිරිම සදහා නොවැම්බර් 16 වෙනකන් මෙම සටන ගෙනයනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

හමුදාවේ 56 දෙනෙක්‌ රට යන විට අත්අඩංගුවට ගන්න; කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකු ම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම – ජනපති රනිල් ලෝක නායකයින්ට දොස් කියයි

Admin

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday