Colombo Today Local News

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ “සුරපුරක් හදන පරපුරක්” සංකල්පය යටතේ ක්‍රියාත්මක කරනු ලබන “UVA Clean – UVA Green” වැඩසටහන යටතේ ඌව පළාතේ පොලිතීන් බෑග් හා ප්ලාස්ටික් භාවිතය ඉවත් කීරිමේ තවත් අදියරක් බදුල්ල නගරයේදී පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

 අවිධිමත් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නිසා වේගයෙන් අපවිත්‍රවන නගරයක් ලෙස බදුල්ල නගරය හදුනාගත හැකි අතර, වර්තමාන ආණ්ඩුකාරවරයා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් අනතුරුව මේ සදහා කඩිනමින් විසදුමක් ලබාදීමට පියවර ගණනාවක් ගනු ලැබීය. ඒ අතර බදුල්ල නගරය ගදගස්සමින් පැවති බදුල්ල නගර සභාවේ කුණුකන්ද ඉවත් කිරිම සදහා ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ මුල් අවධානය යොමු විය.මෙම කුණු කන්ද ඉවත් කිරීමේදී එය ඉවත් කිරීමට බාධා කරමින් බදුල්ල නගර සභාවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කල අතර, තවත් පිරිසක් එයට සහය දැක්වීය. ඉදිරියේදි පැවැත්වීමට නියමිත පළාත් ජාතික ක්‍රිඩා උළෙල සදහා මෙවර සත්කාරක පළාත ලෙස කටයුතු කරනු ලබන්නේ ඌව පළාත වන අතර, එහි සමාරම්භක අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව තිබේ. එහි අවසන් දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. මෙවැනි තත්වයක් තුල බදුල්ල නගරය පිරිසිදු කිරීමට ආණ්ඩුකාරවරයා විසින් ගෙන ඇති පියවර නගර වාසින්ගේ ප්‍රසාදයට ලක්වී තිබුණත් බදුල්ල නගර සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ අකමැත්තට භාජනය වී තිබේ. කෙසේ නමුත් ඌව පළාත් සභා නිලධාරීන්ගේ හා ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල නගරය පිරිසිදු කරමින් පොලිතින්, ෂොපින් කවර හා ප්ලාස්ටික් නිෂ්පාදන අවම කර ගැනිම සදහා නගරය පුරා අත් පත්‍රිකා බෙදා හැරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයාත් ඔහුගේ කාර්යය මණ්ඩලය හා රාජ්‍ය නිළධාරිනුත් පියවර ගෙන තිබුණි.මේ සදහා ඌව පළාත් සභාවේ විශාල පිරිසක් සහභාගි වු අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සුවිශේෂී මැදිහත් වීමක්ද දක්නට ලැබුණි.

මෙහි සම්බන්ධීකරණ කටයුතු ආණ්ඩුකාර කාර්යාලය වෙනුවෙන් ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකොන් මහතා විසින් සිදුකර තිබුනු අතර, එහි තේමාව බවට පත්ව තිබුනේ “ අරන් ඇවිත් රෙදි මල්ලක් අරන් යන්න බඩු මල්ලක්” යන්නයි.

මෙම අවස්ථාව සදහා සහභාගි වු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අදහස් දක්වමින් කියාසිටියේ  තමන් බදුල්ල නගරයේ ජීවත් වන කෙනෙකු නොවන අතර, රටේ පුරවැසියෙක් ලෙස පරිසරයට හා මහජන සෞඛයට මුල් තැන දෙන කෙනෙකු ලෙස තමන් කාරණාවට මැදිහත් වන බවයි.

එහිදි තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා,

“මම හිතන් නැහැ මේ වගේ දේකට විරුද්ධ වෙන්න ඔලුවක් මොලයක් නොතිබුනත් නහයක්වත් අඩුම තරමේ තියෙන කෙනෙක්ට පුළුවන් කියලා. මේ වැඩේ පටන් ගනිද්දි ගොඩාක් අය හිතුවා මම මේක අතරමග දමල යාවි කියලා. නමුත් මගේ විදිහ තමයි පටන් ගත් වැඩක් අතරමඟ දමල නොයන එක ඒක තමයි මගේ දැක්ම. ගොඩාක් අය මේ කුණු කන්ද ආශිර්වාදයක් කර ගෙන මේ කසල කදු තමන්ගේ ජිවත්වීමේ ආදායම් මාර්ග බවට පත් කර ගෙන. කුණු කන්ද පාවිච්ච් කරල රට රටවල සංචාර වල යෙදෙන්න හිතන් ඉන්න අයට එහෙම හිතපු අයට මේ කුණු ගොඩ අයින් කරනවා  කිව්වාම ටිකක් අමාරුයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම වැඩ කරන්නනේ ජනතාවගේ පොදු යහපත ගැන හිතලා. ඒ නිසා මම බදුල්ලේ ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලනවා ඔබ නගරයට එවන කුණු ප්‍රමාණය අවම කරන්න ගෘහ ආශ්‍රිත කසල කළමණාකරණය වෙත යොමු වෙන්න කියලා. ඒ වගේම පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න කියලා. ඔබට හැකි හැම අවස්ථාවකදීම රෙදි හෝ දිරන ද්‍රව්‍ය වලින් නිෂ්පාදය කරන ලද බෑග් මළු භාවිතා කරන්න කියල මම ඔබෙන් ඉල්ලනවා”. යනුවෙන් ආණ්ඩුකාරවරයා  එහිදි වැඩිදුරටත් සදහන් කළේය. 

Related posts

කුරුණෑගල මවුවරුන්ට කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට ගිය පැලෝපීය නාළ පරීක්‍ෂාව විනිසුරු අත්හිටුවයි!

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ කුණු බක්කිය වෙයි

colombotoday

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

colombotoday

අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහින් !

colombotoday

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday