Colombo Today Sports News

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.

තරගාවලිය සඳහා 15 දෙනෙකුගේ සංචිතයක් නම් කර ඇති අතර එහි උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංක සංචිතය – ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර, ළහිරු මධුශංක.

Related posts

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය

colombotoday

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ දී තරුෂි ට රන් පදක්කමක්

Admin

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්

colombotoday

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday