Colombo Today Local News

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් නිර්දෝෂී බව බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

ඔහු හිගන්නෙක් නොවන බවත්, රාජ්‍ය සේවකයෙක් වුවත් ඔහුට ව්‍යාපාර කිරීමේ බාදාවක් නැති බවත් පවසන ආණ්ඩුකාරවරයා ෂාෆි ෂිහාබ්දීන්ව අත්අඩංගුවට ගෙන ඇත්තෙ කිසිදු පදනමක් නොමැති බව සදහන් කරයි.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයා හරහා ද දැන්වූ බව ද ඔහු කියා සිටියේය.

මෙම කටයුත්ත පසුපස සම්පූර්ණයෙන්ම සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

හම්බන්තොට වරාය චීනයට දීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

වී සදහා සාධාරණ මිළක් ගෙවන්න ආණ්ඩුව අපොහොසත්.. කුඹුරු අක්කර 125,000කින් වී වගාව ඉවත් කිරීමට යයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday