Colombo Today Local News

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

පසුගිය වසර පහක හයක කාලයක් පුරාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතිවාදියෙකු ලෙස නිර්වචනය කළ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඊයේ(7) පැවති සැසිවාරයේදී උන්වහන්සේ ගෙනගිය මතවාදයට අනුව උන්වහන්සේ සිදුකළ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ මුවින් පිට වනු දක්නට ලැබුණා.

සමාජ බෙදුම්වාදයට පාර කැපෙන හලාල් සහතිකකරණය, මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් දරුවන්ගේ මනසට බෙදුම්වාදී ආකල්ප ඇතුල් කරන මද්රසා පාසල්, මුස්ලිම් සමාජයට වෙන්වූ ෂරියා නීති පද්ධතිය, මුස්ලිම් සමාජයට වෙන්වූ අධිකරණ (කාති උසාවි) පද්ධතිය, ශරියා බැංකු කරණය බහුතරයක් සිංහලයන් ජීවත්වෙන මෙරටට අනවශ්‍ය බව පසුගිය වසර 8කට ආසන්න කාලයක් තිස්සේ ඥානසාර හිමි දැඩිව අවධාරණය කර සිටි අතර ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වෙනුවට පක්‍ෂ විපක්ෂ දේශපාලකයන් උන්වහන්සේ මත ජාතිවාදී ලේබලය ඇලවීමට ක්‍රියා කරන ලදි.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තත්වය වෙනස් වී ඇති අතර ඥානසාර හිමි රට පුරා ගෙන ගිය මතවාදය නිවැරදි බව ජනතාව පිළිගන්නා තත්වයකට පැමිණ ඇත. මේ සමගම රට තුල ව්‍යප්තවූ බෙදුම්වාදී සංකල්ප පිළිබඳව විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලකයන්ගේ අවධානයට ලක්වූ අතර බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට ගොස් ඥානසාර හිමි බැහැදැක යහමින් කරුණු දැනකියා ගැනීමට ක්‍රියා කළ බව දැනගන්නට ඇත.

මේ සමගම සියලු පක්ෂ නියෝජනය කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී සංකල්ප පිළිබඳව ප්‍රසිද්ධියේ වෙවෙචන ඉදිරිපත් කිරීමට කටයුතු කරණ ලදි. එය මෙරට සමාජ යහපත උදෙසා ඉතා හොඳ පෙරළියකි. මීට වසර 5-7 කට පෙර අනාගතය දැක්ක ඥානසාර හිමි ගැරහීමට මේ බොහොමයක් දේශපාලකයන් කටයුතු කළ අතර පළමුව ඔවුන් තම හෘද සාක්ෂියට අනුව ජාතියෙන් සමාව ගැනීම කල යුතුව ඇත.

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේදී රටට අවැසි පොදු නීතියක් ඉල්ලා සිදු කළ ප්‍රකාශය…

2015 දී මේ රටට එක් නීතියක් අවැසි බවට ඥානසාර හිමි සිදුකල ප්‍රකාශයක්…

Related posts

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

colombotoday

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday