Colombo Today Local NewsUncategorized

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

ඉකුත්දා පැවති HNDA සිසුන්ගේ උද්ඝෝෂණයේ දී පොලීසිය සිසුන්ට පහර නොදුන් බවත්, මාධ්‍යය මගින් පලවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවත් නියෝජ්‍ය පොලිස්පති චම්පික සරිවර්ධන මහතා සහ පොලිස් බලධාරීන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළත්, අදාල පොලිස් නිලධාරියා විසින් තම හිසට දිගින් දිගටම පහර දුන් බව, එම ප්‍රහාරයට ලක් වූ 21 හැවිරිදි සරසවි ශිෂ්‍යා සසිනි සංදීපනි ප්‍රකාශ කරයි.

මෙම පහරදීමෙන් අනතුරුව ඇය නිරන්තර හිසෙහි වේදනාවකින් පෙලෙන අතර ඇයගේ හිසෙහි සවිස්තරාත්මක X කිරණ වාර්තා ලබාගන්නා ලෙසත් ඇය CT ස්කෑන් පරීක්ෂණයකට යොමුකරන ලෙසත් වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ.

HNDA පළමු වසරේ සිසුවියක වන ඇයට අදාල උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් පහරදෙන ආකාරය මාද්‍ය විසින් ඉතා පැහැදිලිව ඡායාරූපයට නගා තිබිණි. එහෙත් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබුණේ ‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යනුවෙනි.

IMG_04782

Related posts

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday