Colombo Today Local News

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වත්තල පදිංචි රංගන ශිල්පිනියක වු ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙකි.

මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රි සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක්‍ අඩංගු හදුනා නොගත් මත් පෙත්තක් පොලීසිය සොයා  ගැණිනි.

Related posts

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

Admin

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

colombotoday