Colombo Today Local News

“අපිට 113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි?” – වෙල්ගම ප්‍රශ්න කරයි.

113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.

‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත්  පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.

අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘

Related posts

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන අමෙරිකානු තානාපතිනිය දැඩි කනස්සල්ල පළ කරයි

colombotoday

සීඝ්‍රයෙන් කෙරෝනා පැතිරුණත් යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ..

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday