සමලිගංක සේවනය නීතිගත කරන්නැයි අගමැති කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් විසි වතාවකට වඩා තමන්ගෙන් ඉල්ලීම් කළ බව යහපාලන ආණ්ඩුවේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාර රාජපක්ෂ මහතා පවසයි.
දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
තමන් එයට දැඩි සේ විරුද්ධ වූ බවත්, අවසානයේදී, සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා වහාම කැබිනට් පත්‍රිකාවක් සකස් කර එවන ලෙස නියෝගයක් පවා නිකුත් කළ බවද, කොතරම් ඉල්ලීම් කළත් එම යෝජනාව කුණු කූඩයට දමන බව තමා පැවසූ බවද හෙතෙම කියා සිටියේය.
අවසානයේ එම යෝජනාව අගමැතිවරයා විසින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා ලබා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා විසින් එය කුණු කූඩයට විසිකර දැමූ බවද ඇමතිවරයා හෙළිදරව් කර සිටියේය.