Colombo Today Local News

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පිලිගනිමින් පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත‍්‍රී පාල සිරිසේන මහතාට සහතික වෙයි.

මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ඊයේ (2018.10.31) පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූහ.

මෙහිදී පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු කථානායකතුමන් කරන ලද දීර්ඝ කරුණු පැහැදිලි කිරීම කෙරෙහි ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාර පළවූ අතර, හැකි ඉක්මනින් ස්වකීය අවසන් තීරණය දැනුම්දෙන බව එතුමන් සඳහන් කරන ලදී.

මේ අතර, පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන් විසින් කථානායකතුමන්ගේ අවධානය යොමු කරන ලදී.

මෙම කරු‍ණ අරභයා අනිකුත් රාජ්‍ය නිලධාරින් ‍ මෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කෙරෙහි අවධානය යොමු කොට, ඊට අනුව කටයුතු කරනු ඇති බව පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිලධාරීන් අග්‍රාමාත්‍ය ධූරයට හිමි පහසුකම් සැලසීමේදී ගැසට් නිවේදනය අනුගමනය කරමින් ස්වකීය රාජකාරි වපසරිය තුළ සිදු කරනු ලබන රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමක් සිය පාර්ශවයෙන් සිදු නොවනු ඇති බව අවධාරණය කරන ලදී.

– කථානායක මාධ්‍ය අංශය

Related posts

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විසිදාහකට විකුණලා

Admin

අපේ කාලෙත් දැන් වගේම තමයි.. රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි

colombotoday

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

අනුර ඇවිල්ලා සති 6යි ගත්ත ණය ට්‍රිලියන 1යි

Admin

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin