Colombo Today Local News

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන “සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව “වෙනස් වන ලෝකයේ යෞවනය සහ මානසික සෞඛ්‍යය” තේමාව යටතේ මෙවර ශ‍්‍රී ලංකාවේ එය සැමරෙන අතර මේ නිමිත්තෙන් මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය විසින් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මානසික සෞඛ්‍ය පිරිහීම නූතන ලෝකය තුළ සීඝ‍්‍රයෙන් පැතිර යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ප‍්‍රජාව ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ කි‍්‍රයාකාරි ජාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් නානායක්කාර මහතා විසින් ප‍්‍රථම සැමරුම් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවී ය.

මනෝ සමාජීය ආබාධ සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්, මානසික රෝග වැළැක්වීමත්, ප‍්‍රතිකාරවල ගුණාත්මක බව ඉහළ නැංවීම සහ ප‍්‍රජාවේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමත් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන මෙන් ඉල්ලා සිටීම සහ මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 25 ක මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ සංවිධාන සමග එක්ව 2018 අගෝස්තු මාසයේ දී ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී ප‍්‍රකාශයට පත් කරන ලද බාලි ප‍්‍රකාශනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක, ශ‍්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල් මනෝ වෛද්‍ය, විශේෂඥ වෙ‍ෙද්‍ය ජයාන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

Admin

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday