Colombo Today Local News

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රොයිටර් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත.

මේ අනුව දැනට ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළඹ හයට් හෝටල් ගොඩනැඟිල්ල සහ හිල්ටන් හෝටලයේ රජයේ හිමිකාරීත්වය මෙයාකාරයෙන් විකුණා දැමීමට නියමිතය.

කාමර 458 කින් සහ මහල් නිවාස ඒකක 100 කින් යුතු හයට් හෝටල් ගොඩනැඟිල්ල අයත් කැන්විල් හෝල්ඩිංග්ස් හී පූර්ණ හිමිකාරීත්වය රජය සතුව පවතී.

හිල්ටන් හෝටලයේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වය පවතින්නේ රජය සතුවය.

මෙම හෝටල් දෙකෙහි අයිතිය විකුණා දැමීම හරහා ඩොලර් මිලියන 500 ක් එක්රැස් කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.

 

Related posts

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday

පිළිකා එන්නත් මගඩියක්.. වැඩි මිල ටෙන්ඩරයට අනුමැතිය දීලා.. රජයට කෝටි 10ක පාඩුවක්…

colombotoday