Colombo Today Local News

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සගයන් අනුරාධපුර මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ කම්කරු සේවයේ නිරත වෙන බව වාර්තා වෙයි.

අනුරාධපුරයේ රැකියා විරහිත ජනතාව මෙතෙක් සිටියදී කුරුණෑගල කුලියාපිටියෙන් මිනිසුන් ගෙන්වා ගැනීම අසාධාරණ බවට මිහින්තලේ ජනතාව හඬ නගන බවද  දැනගන්නට තිබේ.

දිනපතා කුලියාපිටියෙන්  කම්කරුවන් රැගෙන පිටත් වෙන කුරුණෑගල කුලියාපිටිය ලෙස නාම පුවරු ඇති බස් රථය මෙම ප්‍රවාහන සේවයේ යෙදෙන බව ආරංචිමාර්ග පවසයි. කුරුණෑගල රැකියා නොමැති වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන වලට එපිටින් මේ පත්වීම් නිර්මාණය කොට පුරා විද්‍යා කැනීම්, පූජා නගරයේ ඉදිකිරීම්, විහාරස්ඨාන අසල වෙළඳ සැල් සහ අනුරාධපුර නගරයේ නොයෙකුත් මාවත් වල වැඩ වෙනුවෙන් මෙම සේවකයන් යොදාගෙන ඇතිබව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

සේවකයන් ප්‍රවාහණය කරන මෙම බස් රථයේ රියෙදුරුට මෑතකාලයේ අනුරාධපුර මිහින්තලේ ජනතාවගෙන් චෝදනාද එල්ල වී ඇති බව ආරංචි මාර්ග පවසයි. අනුරාධපුරයේ ප්‍රසිද්ධ ගුවන් විදුලි ආයතනයක් මේ ගැන නිරීක්ෂණයට ගිය විටකදී එයද වැලක්වීමට මෙම කුරුණෑගල සේවකයන් කටයුතු කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Related posts

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

colombotoday

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday