Colombo Today Local News

ප්‍රංශයෙන් ඉහළම සම්මානය දිනා සතියයි… අත්තනගල්ලේදී චන්ද්‍රිකාට හූ කියයි…

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරාංග මහත්මිය ඇතුළු මැති ඇමති පිරිසකට අත්තනගල්ල ප්‍ර දේශයේදී ඊයේ දැඩි විරෝධතාවක් එල්ල විය.

අත්තනගලු ඔය හරහා ඉදිකරන ලද පාලමක් විවෘත කිරීමට හිටපු ජනපතිනිය ඇතුළු පිරිස එහි පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල විය.

විරෝධතාකරුවන් කියා සිටියේ මෙම පාලම පසුගිය රජයේ ව්‍යාපෘතියක් බවත් වත්මන් රජයේ ඵීරිස් එය විවෘත කිරීමට විරෝදය දක්වන බවත්ය. මෙම පාලම මීට කිහිප දිනකට පෙර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිවරයා විසින් විවෘත කරනු ලැබීය.

විරෝධතාවය මැද විවෘත කිරීම සිදු කර උත්සවයද පැවැත්වූ අතර එතෙක් විරෝධතාකරුවන් හූ තැබූහ.

හිටපු ජනපතිනියට ප‍්‍රංශයේ උසස්ම රාජ්‍ය සම්මානයක්ද පිරිනමා සතියක් යන්නට පෙර තම බලප‍්‍රදේශයේදීම මේ ආකාරයේ හූ වැලක් එල්ල වීම විශේෂත්වයකි.

Related posts

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

colombotoday

කොවිඩ් එන්නත් සිව්වැනි මාත්‍රාවක්

colombotoday

“අපරාධකාරයෙකුට කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්න බැහැ… ” – විජිත හේරත්

colombotoday

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday