ඒකාබද්ධයේ විරෝධතාව පාරේ නැටූ නාඩගමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම ක්‍රියාව නිසා ජනතා විරෝධතා හෑල්ලුවට ලක්වූ බවත්, විරෝධතාව පමණත් නොව සංවිධායකයන්ද අසාර්ථක වූ බවත් එම පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා පරාජය කිරීමට පක්ෂය ක්‍රියාමාර්ග ගන්නා බවත් අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.