Colombo Today Local News

එක් ඡන්දයක කල් දාලා කල් දාලා යන්තම් පෙබරවාරි මාසේ තියා ගත්තා….පළාත් සභා මැතිවරණය කවදා තියයිද මමවත් දන්නේ නෑ

මැතිවරණයක් නොපැවැත්වීම යනු ව්‍යාජ මැතිවරණයක් පැවත්වීමට සමාන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

කල්පිටියේදී  සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය මත රඳා පවති යන මැයෙන් පැවති ජනතා දැනුවත් කිරීමේ වැඩසටහනකය එක්වෙමින් කොමසාරිස්වරයා මේ බව පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා

“මේ රටේ ඡන්දය කල්ගියා වැඩියි. ඡන්දය කල්ගිහිල්ලා, කල්ගිහිල්ලා, 2018 පෙබරවාරී මාසයේ පැවැත්වුණා. පළාත් සභා ඡන්දය පවත්වන්න කොච්චර කල්යයිද අපි දන්නේ නැහැ. ඡන්දය කල් දැමීම යනු හොරට ඡන්දය තියෙනවා වගේ වැඩක්. ඒකට හොඳම උදාහරණය කැඩුණු ඔර්ලෝසුවක වෙලාව වැරදියට දුවනවා වගේ. ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ බලපෑමක් වෙනවා.”

“මැතිවරණ ප්‍රමාදයට වගකිවයුත්තේ,  මැතිවරණ කොමසාරිස්තුමා, මැතිවරණ කාර්‍යමණ්ඩලය හෝ මැතිවරණ කොමිෂම නෙවෙයි. මැතිවරණ ප්‍රමාදයට  වගකිව යුත්තේ, පාර්ලිමේන්තුව, කථානායක, සභානායක, පක්ෂ නායකවරුන්, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා වගකිව යුතු වෙනවා.”

“ප්‍රජාතන්ත්‍රවාදය සර්වජන ඡන්ද බලය දිනාගත හැක්කේ කෙසේ ද? අපි නිහඬව සිටියෝත්, නිකම්ම හිටියොත් මෙම අයිතීන් විනාශ වෙලා යනවා. මේවා අයිති දේශපාලකයන්ටයි කියලා අපි නිහඬව හිටියෝත්, ප්‍රජාතන්ත්‍රවාදය අපිට අහිමි වෙලා යනවා. වගකීමෙන් යුතුව අපි ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතහොත් ඔබේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදයේ මිණි පෙට්ටියට ගසන ඇණයක් වේවි.”

Related posts

ලන්ඩන් කොටි නිදහස් උත්සවයට කඩා පනිති.. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා යකා නටති..

colombotoday

ෆේස්බුක් වෛරය වැපුරුවා කියා පාසල් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්.. බෝම්බ හතරක් සමග අසුවූ පුද්ගලයාට ඇප !

colombotoday

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday