Colombo Today Local News

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමත්ත ලබා ගැනීමේ කාර්යය සිදු කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය බවත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

බදුල්ලේ සිය නිවසේදී  (11දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕන කියන කාරණයේ. එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල්පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා.

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය“යැයි ඔහු පැවසීය.

Related posts

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

colombotoday

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!

Admin

මත්ස්‍ය තොග මිලදී ගැනීමට රුපියල් මිලියන 200 ක්

colombotoday