ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී කණ්ඩායම සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට (12) දිනයේ පැවැත්විමට නියමිතය.
ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩ නැඟීම ගැන එහිදී සාකච්චා කිරීමට නියමිතය.
මෙම කණ්ඩායම ඉදිරියේදී මහජන එක්සත් පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වන පක්ෂ සමගද සාකච්චා කිරීමට නියමිතය.