අරන්තලාව ප්‍රදේශයේදී කොටි ත්රස්තවාදීන් විසින් වසර 31 කට පෙර ඝාතනය කල හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුලු සාමනේර හිමිවරු 31 නම සිහිකිරීම සදහා වන සුවිශේෂී පින්කමක් අද සිදුකෙරුනා. ඒ වෙනුවෙන් කුලදරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරීමද අද දිනයේදී සිදුවුනා. කුලදරුවන් පැවිදි කිරීම නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පාදාගොඩ පුරාණ රජමහා විහාරාධිපති තලාගංගොඩ ධර්මරතන හිමියන් සහ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඉන්ද්‍රරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි සිදුකෙරුනේ.
previous post