Colombo Today Local NewsHot News

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.

සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර මලික් සමරවික්‍රම මහතා කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂලා සමග ඒ කාලයේ සම්බන්ධතා පවත් වමින් සහ ගනු දෙනු කරමින් රටට ජනතාවට කර ඇති මහ පරිමාණ බදු වංචා වගේම එක්සත් ජාතික පක්ෂයට කර ඇති දේශපාලන විනාශයේ තරම යැයි එම අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා සිය රුපියල් කෝටි 35 ක බදු මුදල් වංචාවට අදාළව පැනවූ දඩ මුදල පිය වෙන ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ගාමිණී සෙනරත් මහතා මාර්ගයෙන් යළි ලබා ගත් චෙක් පත්වලින් කිහිපයක් පහත දැක්වේ.

උපුටා ගැනීම lankanewsweek

Related posts

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

Admin

පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

colombotoday