Colombo Today Local NewsHot News

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

වසර දහස් ගණනක් පැරණි,වටිනා පුරාවිද්‍යා උරුමයන් පසුගිය වසර කිහිපය තුල සැලසුම් සහගත ලෙස මහා පරිමාණයෙන් විනාශ කරමින් පවතින බවක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම වශයෙන් විජිතපුර – බැලුම්ගල පුරාවිද්‍යා උරුමයන්, ප්‍රාදේශීය ලේකම් සජිතා භානු මහත්මියගේ අවසරය පරිදි නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කිරීම පිළිබඳව හිංදු සම්මේලනය දැඩි අප්‍රසාදය සහ විරෝධය ප්‍රකාශ කර සිටිනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා,

මේ බැලුම්ගල එළාර රජුගේ කාලයේදී ඔත්තු බැලීමට යොදාගත් බව දැනගන්නට ලැබෙනවා. එම ප්‍රදේශයේ විසිරී ඇති නටබුන් තුලින් ඉතිහාසයේ බෞද්ධ විහාරස්ථානයක් මෙහි තිබු බවට බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා.

මේ පුරාවිද්‍යා වස්තුව අපේ ඉතිහාසයයි. මේ රටේ ඉතිහාසය විකුර්ති කරන්නට සහ විනාශ කරන්නට බොහෝ පිරිසකට උවමනා වී තිබෙනවා. ඒ සඳහා විවිධ බලවේග, විවිද සංවිධාන හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විවිධ NGO මේවා පිටුපස ඉන්නවා.

මඩකලපුවේත් මෙහෙම උනා.

මේ වගේම සිද්ධි කිහිපයක් මඩකලපුවේත් සිදුවුනා. මඩකලපුවේ ස්ථාපිත කර තිබූ…. පලවෙනි දමිල බෞද්ධ රැජිනියක් වූ උලගනාච්චියාර් රැජිනගේ පිළිරුව සහ එම රැජින හිංදු ජනතාවට පරිත්‍යාග කර තිබූ හිංදු කෝවිල ඇමති හිස්බුල්ලාගේ අදාරකරුවන් විසින් විනාශ කර සුන්බුන් සහ පුරාවිද්‍යා කාර්යාලය මඩකලපුවෙන් ඉවත්කර කාන්තන්කුඩි නගරයේ ස්ථාන ගත කිරීමට උත්සහ කළා. නමුත් ජනතාවගේ විරෝධය හේතුවෙන් ඇමති හිස්බුල්ලාගේ එම උත්සාහය අසාර්ථක වුනා.

පුරාවස්තු රැක ගැනීම මේ රටේ උපදින සෑම පුද්ගලයෙකුගේම වගකීමක්

පුරාවස්තු බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට පමණක් අයිති භුදලයක් නොවෙයි. ඒවා ආරක්ෂා කිරීමත් බෞද්ධයන්ට පමණක් අයිති වගකීමකුත් නොවෙයි. පුරාවස්තු කියන්නේ මේ රටේ ඉතිහාසයට සාක්ෂි දරන අප සතුව පවතින වටිනා උරුමයන්. මේ පුරාවස්තු රැක ගැනීම මේ රටේ උපදින සෑම පුද්ගලයෙකුගේම වගකීමක්.

මේ පිලිබදව රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කර අනාගතයේ මේ රටේ උපදින සියලු දෙනා වෙනුවෙන් අතීත මුතුන් මිත්තන්ගෙන් අප ලද දායාද සුරක්ෂිත කිරීමට කටයුතු කල යුතු බව හිංදු සම්මේලනය වෙනුවෙන් මා අවධාරණය කර සිටිනවා.

 

Related posts

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday