Colombo Today Local News

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

සෞඛ්‍ය සේවයේ ප්‍රගතිශීලී  ගමනට නිලධාරිවාදය හරස් වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.  

බොහෝ නිලධාරින් පරපෝෂිතයන් වී තනතුරු දරමින් සාරය උරා බොන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

තමන් සෞඛ්‍ය සේවක ඉල්ලීම් මත ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වන තුරු නිලධාරින් පසුපස ගොස් ඔවුන්ට කරදයක් වන්නැයි ද එවිට ඔවුන් ඒ ගැන තමන්ට පැමිණිලි කළ පසු ඒ ගැන බලා ගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ 7 ජයවර්ධන කේන්ද්‍රයේ අද  (01)  පැවැති මැයි දින සමරු උත්සවයක් අමතමිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ වෘත්තිය සමිති 58 ක් එක්ව මෙම මැයි දින සමරුව පැවැත්වූ අතර එහි ආරාධිත අමුත්තා වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහතා මෙසේ ද පැවැසීය.

‘‘ මම 1974 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කළා. 1975 මැයි මාසයේ මම වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ ලේකම්. එතැන් සිට අවුරුදු 14  ක් එහි ලේකම් ලෙස වැඩ කළා. එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නයෙදි සෞඛ්‍ය කෙෂත‍්‍රයේ වෛද්‍ය නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා එක තැනකට ගෙනෙන්න මට පුළුවන් වුණා. එදායින් පසු මේ වනතුරු එහෙම සියලු සෞඛ්‍ය සේවකයෝ එකතැනකට එකතු කරන්න අදටත් බැරි වුණා. අඩුම  ගණනේ සයිටම් විරෝධය සඳහාවත් එහෙම ගේන්න බැරිවුණා.

මෙරට ඉතිහාසයේ ඇමති ඇතුළු අමාත්‍යංශයේ සියලූ දෙනා එකට මැයි දින සමරා ඉතිහාස ගත වන දවසක් අද. මේ වෘත්තිය සමිතිවල නොයෙක් අරමුණු ඇති. ඒත් අයිතීන් දිනා ගැනීමේ දී අපි එක තැනකට එනවා. එදා මම සටන්කාමි ලෙස ඉල්ලීම් ඉල්ලූවා. අද ඔබ මොනවද ඉල්ලන්නේ. ඒ ඉල්ලන හැකි හැමදේම දෙනවා. අවශ්‍ය වන්නේ ක‍්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පමණයි.

දියුණු රටවල උසස් වීම් දෙන්නේ කුසලතාව මතයි. ජ්‍යෙෂ්ඨත්වය වඩා කුසලතාවට තැන දෙනවා. ඒ ගැන ඔබේ යෝජනාව හොඳ එකක්. මේ යෝජනාවට අදාලව කෙටුම්පතක් හදන්න කියා මම ඔබලාට යෝජනා කරනවා. කුසලතාව මත ලකුණු දෙන හැටි ගැන අදහසක් කෙටුම්පත් කරන්න. එවිට එයද සලකා බලා මේ පිළිබඳ ප‍්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම්. ’’ යැයි  ද අමාත්‍යවරයා පැවැසීය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

colombotoday

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday