Colombo Today Local News

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

ලංකාවේ ඉදිකරණ ලද පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ හම්බන්තොට, මාගම්පුර වරායේ ඉදිකර තිබූ අදාළ බලාගාරය එම වරාය වසර 99ක කාලයකට චීන සමාගමකට බදු දීමත් සමඟ එය තවදුරටත් එහි පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා බදු ගෙවිය යුතු බව චීන සමාගම විදුබල මණ්ඩලයට දන්වා තිබීම නිසාය.

මේ බලාගාරයෙන් මෙගා වොට් 35ක විදුලි බලයක් නිෂ්පාදනය කරනු ලබයි.

එම තත්ත්වය හේතුවෙන් මේ විදුලි බලාගාරය මාගම්පුර වරායෙන් ගලවා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පිහිටි සූර්ය ශක්ති විදුලි බලාගරයට ගෙනයාමට සූදානම් වන බව පැවසේ.

ඉතිරිවන ශේෂය ළමයින්ගේ අධයාපන කටයුතු සඳහා ප්‍රදර්ශන ස්ථානයක් ලෙස භාවිතා කිරීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

Related posts

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday