Colombo Today Local News

අගමැති සිහිනය බොද වෙයි.. ඇමති නිමල් සිරිපාල කලකිරී රට යයි !

විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් අගමැති අපෙක්ෂකත්වයට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් නම්කර තිබූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විශ්වාසභංගය පරාජය වන බව දැන දැඩි ලෙස කලකිරීමට පත්ව හදිසියේම විදේශ ගතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා සිටි අතර, එහෙත් පසුව එම තීරණය වෙනස් කිරීමට ශ්‍රීලනිප නායකත්වය සිය ස්ථාවරය වෙනස් කිරීමෙන් පසුව තමන් දැඩිලෙස අපහසුතාවට පත්වූ බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සිය සමීපතමයන්ට පවසා ඇත.

පසුගිය පළාත්පාලන මැතිවරණය අවසානයේදී නව ආණ්ඩුවක් හා අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මතුවුණු අතර නව ආණ්ඩුවේ අගමැතිකම භාරගැනීමටද නිමල් සිරිපාල ද සිල්වා මහතා සැදී පැහැදී සිටියද එම අවස්ථාවද ඔහුගෙන් ගිලිහී ගියේය.

Related posts

ඡන්දේ දාන්න අනිවාර්යයෙන් එන්න

Admin

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday